සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි

සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් රාජකාරිවල යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඒ සම්බධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වවුනියාව ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25 ම මහජන ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කැඳවා ඇත.

එම නියෝගය අනිද්දා (අගෝ. 22) සිට බල පැවැත්වෙනු ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *