රියැදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අළුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු අගෝ. 8 වන දා සිට සංශෝධනය කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකළ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කර ඇත.

ඒ අනුව, සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500ක් දක්වා ඉහළ නංවා තිබේ.

එමෙන් ම, බර වාහන සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව මුත්‍රාවල මත්ද්‍රව්‍ය පරීක්ෂණය හැර රුපියල් 1,500ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *