විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඒ සඳහා නව කමිටුවක් පත් කරන බවයි. 

එම කමිටුව පත් කර මාසයක් ඇතුළත නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා. 

එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධිත ගාස්තු අනුපාත ද කැබිනට් මණ්ඩලයේදී අනුමත වූ බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *