දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි

නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

උතුරු – මැද පළාතේද වැසිවාර කිහිපයක් ඇති විය හැකියි. මධ්‍යම කදුකරයේ  බස්නාහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් පමණ දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.