GotaGo සටන දිනලා ඉවරයි

ගාලු මුව‍ෙදාර පිහිටි ‘ගෝඨාගෝහෝම්’ අරගලය මේ වනවිට සංකේතීයව ජයග්‍රහණය කර ඇති නිසා තවදුරට ත් එම භූමිය තුළ හිඳිමින් සිදුකළ හැකි අරගලයක් නොමැති බව ත් එම අරගලයට දායකත්වය අදින් අවසන් කරන බව බ්ලැක් කැප් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

‘ගෝඨාගෝහෝම්’ නමැති සටන් පාඨය සමග ඔවුන් එකඟ වූ අප්‍රකාශිත එකඟතාවන් එනම් අරගල භූමියේ පාර්ශ්ව ගණනාවක් එක්ව එළි දක්වන ලද ‘ගාලු මුව‍ෙදාරින් ඔබ්බට’ යෝජනා මාලාව ජයග්‍රහණය කරවීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා නව මානයක අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කළ යුතු බව ත් එම නිවේදනයේ දක්වා තිබේ.

මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලු මුව‍ෙදාර නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බව ත් අපගේ අරගලය මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ එකී ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා බව ත් ඒ වෙනුවෙන් සිවිල් සමාජය සහ දේශපාලන සමාජය සමඟ එක්ව පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් කරා ගමන් කරන බව ත් එහි සඳහන් කර ඇත.

අරගලය මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ එකී ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා වන අතර එය නව මානයක අවිහිංසාවාදී අරගලයක් ලෙස ‘අරගලය 4.0’ ලෙස නම් කර ක්‍රියාත්මක කරන බව ත් එහි වැඩිදුරටත් දක්වා තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *