පිරවුම්හල් 826 ක QR ඛේතය සූදානම්


ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ QR ඛේතය ක්‍රියාත්මක කළ හැකි ඉන්ධන පිරවුම්හල් සංඛයාව 826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට සිපෙට්කෝ පිරවුම්හල් 713 ක් ඇතුලත්. 

ඊයේ දිනය තුළ පමණක් පිරවුම්හල් 536 ක මෙම ක්‍රමවේදයට ක්‍රියාත්මක කෙරුණා. ඒ හරහා ඉන්ධන නිකුත් කෙරුණු වාහන සංඛ්‍යාව එක් ලක්ෂ 87,005 ක්. 

ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් එක් ලක්ෂ 63,544 දෙනෙකු ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඊයේ රාත්‍රී 08 යි 30 ට නිකුත්වූ නවතම දත්තවලට අනුව ලියාපදිංචිවී ඇති මුලු සංඛ්‍යාව හතලිස් හතර ලක්ෂ 79,376 ක්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *