ජනාධිපති තෝරන ජන්දයට නාම යෝජනා 03ක්

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරගැනීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

ඒ අනුව, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කරනු ලැබූ අතර එය අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ස්ථීර කරනු ලැබීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නම එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් යෝජනා කරනු ලැබූ අතර එය එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය විසින් ස්ථීර කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරනු ලැබූ අතර එය අමාත්‍ය ජී.එල්. පීරිස් විසින් ස්ථීර කරනු ලැබීය.

සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ තරගයෙන් තමන් ඉවත් වන බව ය.

ඒ අනුව තම පක්ෂයේ සහය ඩලස් අලහප්පෙරුමට ලබා දෙන බව එම පක්ෂය තීරණය කළේ ය.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට දින පැවැත්වීමට නියමිතයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *