නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සිව් දෙනෙක් දැලේ

නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර වැඩි මිලට අළෙවි කළ සැකකරුවන් සිව් දෙනෙකු මාවතගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් වසමේ පරගහදෙණිය, මාස්වැව, වෑඋඩ හා වැලිකුඹුර යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදීයි. සැකකරුවන් සතුව තිබී ඩීසල් ලීටර් 315 ක් සහ පෙට්‍රල් ලීටර් 20 ක් සොයා ගැණුනු බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගෙන සිටි තවත් සැකකරුවෙකු මඩකලපුව, මාවඩිවෙම්බු ප්‍රදේශයේදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 550 ක් හා භුමිතෙල් ලීටර් 258 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *