ආරක්ෂක සෙබළෙක් දිවි හානි කරගනී

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද උදෑසන දිවි හානි කරගෙන ඇත.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙලෙස දිවි හානි කරගෙන තිබේ.මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබලෙකි.දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *