පොහොර දෙන්න ඉන්දියාව එකඟ වෙයි

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළ කර තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ එම පොහොර තොගය මෙරටට ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අදාළ පොහොර තොගය මෙරටට ලැබී දින 20 ක් ඇතුලත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ. 

වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසදුම් පිළිබඳ ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

උමා ඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මෙම වසර අවසන් වීමට පෙර නිම කර මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබාදිය හැකි බවද එම සාකච්ඡාවේදී සඳහන් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඊට සමගාමීව මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහ ගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති ද නිමවීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ගතවූ දින තෙදින තුළ සමස්ථ විදුලි උත්පාදනයෙන් සියයට 80 ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයූ බවද එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජලය මත පාවෙන හා වහල මත සවිකරන සූර්්‍ය පැනල සඳහා ලබාදෙන ප්‍රතිලාභ වැඩි කර පාරිභෝගිකයින් දිරි ගැන්වීමට පියවර ගත යුතු බවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *