පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමයි

කැබිනට්, මණ්ඩලය විසින් ඊයේ අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග සියල්ලේම මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ 

පෙට්ට්‍රල් ඔක්ටේන් 92  – Rs. 420.00
පෙට්ට්‍රල් ඔක්ටේන් 95  – Rs. 450.00
ඔටෝ ඩීසල්                – Rs. 400.00
සුපර් ඩීසල්                 – Rs. 445.00


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *