ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා නගර සභා සේවකයෙකු බවයි වාර්තා වන්නේ. මීට පෙරද මොරටුව නගර සභාවේ සේවකයෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනා. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන සාක්ෂි ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.