අරගලයට ශක්තියක් වෙන්න මෙවර මැයි දින සැමරුම්වල වෙනසක්

රට මුහුණපා ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවර මැයි දිනය සැමරීමේදී වෘත්තිය සමිතිවලට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරී ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා. 

මෙරට තරුණ පරපුර ආරම්භ කර ඇති අරගලයට ශක්තියක් ගොඩනැගීමට වෘත්තිය සමිතිවලට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.