අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවය උණුසුම් වෙයි

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, පොලීිසියේ පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟයි. විරෝධතාකරුවන් පැවසුවේ විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් නතර කර ඇති බස් රථ සහ ලොරි රථ ඉවත් කර ගැනීමට පොලීසිය මෙලෙස පැමිණ තිබූ බවයි. 

කෙසේවෙතත් මෙම බස් රථ සහ ලොරි රථවල අයිතිකරුවන් කවුරුන්දැයි තමන් නොදන්නා බව මීට පෙර පොලීසිය ප්‍රකාශ කර තිබූ බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

මේ අතර ගාලුමුවදොර පැවැත්වෙන අරගලය අද 21 වන දිනටත් පැවැත්වෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *