ඉන්ධන මිල වැඩි කිරීම ගැන පැතිරෙන රාවයේ ඇත්ත නැත්ත

ඉන්ධන පිරවුම්හල් රැසක ඊයේ රාත්‍රියේ ද දිගු පෝලිම් දක්නට ලැබුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට සමාජ මාධ්‍යයේ පළවූ වාර්තා හේතුවෙන්. 

කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාමක් සම්බන්ධයෙන් පළව තිබූ එම වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ රාත්‍රියේම ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ යලිත් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස ඉන්ධන එක් රැස් කිරීමේන වලකින ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.