වෙඩි තියන්න අණදුන් බව කෑගල්ල පොලිස් ප්‍රධානියා පිළිගනී

රඹුක්කන ඇතිවූ නොසන්සුන්තාව මැඩ පැවැත්වීමේදී අවම බලය පාවිච්චි කර දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ ලබාදුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. ඒ, කෑගල්ල  මහේස්ත්‍රාත්  අධිකරණයේදි මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ සාක්ෂි දෙමින්. 

එහිදී ඔහු පවසා ඇත්තේ රඹුක්කන සිදුවු සිද්ධිය මැඩ පැවැත්වීම සදහා විශාල පරිශ්‍රමයක් දැරුවද එය අපහසුවීම හා මහජන ජිවිත බේරා ගැනිම සදහාත්, පොදු දේපල බේරා ගැනීම සදහාත් තමන් අවම බලය පාවිච්චි කර දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ ලබාදුන් බවයි. කෙසේවෙතත් මහජන විරෝධතාවලට වෙඩි තැබීමට තමන් උපදෙස් දී නැතැයි පොලිස්පති සී ඩි වික්‍රමරත්න මානව හිමිකම් කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නා. 

මේ අතර වත්මන් ආණ්ඩුවට සහ පවතින ආර්ථික අර්බුදයට විරෝධය පළ කරමින් ඊයේ දිනයේද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. ඉන් එක් උද්ඝෝෂණයක් පැවැත්වුණේ ගම්පහ නගරයේයි. ගාලුමුවදොර විරෝධතාව ද අද 15 වන දිනටත් ක්‍රියාත්මකයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *