සහල්, පිටි, සීනි, ඉන්දියාවෙන් වැඩිපුර ගේන්න තීරණයක්

ඉදිරියේදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී වැඩි වශයෙන් ඉන්දියාවෙන් ඒවා රැගෙන ඒමට සිදුවන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසනවා. ඒ, ඉන්දීය ණය පහසුකම යටතේ අලුතින් ගෙන ඇති තීරණය හේතුවෙන්. 

ඒ අනුව ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ට වෙළඳ අමාත්‍යංශයේ ලියාපදිංචි වන ලෙසටයි දන්වා ඇත්තේ. එහිදී තිරිඟු පිටි, සීනි, සහල්, ලූණු සහ වියළි මිරිස් වැනි පාරිභෝජන ද්‍රව්‍ය වැඩි වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ඇති.

මේ වන විටත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ රැගත් කන්ටේනර් 1,500 ක් පමණ වරායේ සිරවී තිබෙනවා. ඒ, ඒවාට ඩොලර් ගෙවීමට නොහැකිවීම හේතුවෙන්. එහෙත් ඒ අතර ඇති ඉන්දියාවෙන් ආනයනය කළ බහාලුම් නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බවටයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් විශ්වාසය පළ කරන්නේ. ලබන සතිය වන විට එම භාණ්ඩ වෙළඳපොලට නිකුත් කරනු ඇති බවට විශ්වාස කරනවා. 

කෙසේවෙතත් වෙනත් රටවලින් ගෙනැවිත් ඇති භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගත හැක්කේ බැංකුවලින් ඩොලර් ලබාදෙන පරිදි බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පැවසුවේ.

මේ අනුව එළඹෙන අලුත් අවුරුදු සමයේ භාණ්ඩ හිඟයක් ඇතිවේදැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගෙන් විමසීමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ දැන් ප්‍රමාදවී ඇතත් හැකි ඉක්මනින් ඉන්දියාවෙන් හෝ භාණ්ඩ ආනයනය කරන බවයි. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *