ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවෙනුත් ණයක් ඉල්ලයි

අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක් ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලා තිබෙනවා. 

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ණය මාර්ග ක්‍රමය යටතේ පරිප්පු, කිරිපිටි ඇතුළු ආහාර වර්ග කිහිපයක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීම සඳහා එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාව මීට පෙර ණය මාර්ග ක්‍රමය යටතේ ඉන්දියාවෙන් ද අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබා ගත්තා. ඒ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය සඳහායි. චීනයෙන් ද අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය මුලදලක් ද ඉල්ලා ඇති බවයි පසුගියදා අනාවරණ වුණේ.