සෞඛ්‍ය උපදෙස්වලට අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමට තීරණයක්

නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව මෙවර පැවැත්වෙන බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න පවසනවා. 

අප්‍රේල් මස 01 වනදා සිට 30 වනදා දක්වා වසන්ත උදානය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබාගෙන ඇති බවයි නගරාධිපතිවරයා කියා සිටියේ. නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීමේ කටයුතු මේවනවිට සිදුකෙරෙමින් පවතින බව ද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *