ලෝක තෙල් මිල බැස්සත් ලංකාවේ මිල බස්සන්න බැහැලූ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගියත් මෙරට ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.

ඉකුත් මාස කිහිපයේදී තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබූ බැවින් එම පාඩුව පියවා ගන්නාතුරු කිසිම ආකාරයකින් තෙල් මිලෙහි අඩුවක් කළ නොහැකි යැයි ද සංස්ථාව පවසයි. මේ අතර තෙල් සංස්ථා සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 5200 දෙනාට අවුරුදු බෝනස් (ප‍්‍රසාද දීමනා) ගෙවීම සඳහා කෝටි පනස්දෙකක් සොයාගැනීමට නොහැකි වී තිබෙන බවත් බැංකු අයිරාවක් ලබාගැනීමට උත්සාහ ගනිමින් සිටින බවත් සංස්ථා උසස් නිලධාරියෙක් කියා සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *