ජනපතිවරණ්‍යක් වහාම පවත්වන්න

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් පවත්වා ජනමතය විමසන්නැයි සමගි ජනබලවේගය නායක, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (15දා) ආණ්ඩුවට අභියෝග කළේය.

එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් වැඩ බැරි ආණ්ඩුව තමන්ට භාරදී ගෙදර යා යුතු බවත් හෙතෙම කියා සිටියේය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ කියාසිටියේ ‘රට විනාශයි, ඉවසුවා ඇති’ මැයෙන් සමගි ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනින් අනතුරුව පැවති රැුළියේදීය.

වර්තමානයේ මෙරට ජනතාවට මුහුණ දීමට සිදුව ඇති විවිධ ආර්ථික ප‍්‍රශ්න හමුවේ ඇද වැටුණු ජන ජීවිතය නැවත නගාසිටුවන ලෙසත් අසමත් පාලකයන් ගෙදර යන ලෙසත් බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

මෙම විරෝධතාවට එක්වූ සජබ පාක්‍ෂිකයෝ සහ ආණ්ඩු විරෝධීන් මාර්ග දෙකක් ඔස්සේ ආණ්ඩුවට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඊයේ දහවල් පා ගමනින් කොළඹට පැමිණියහ.

ඉන් එක් පා ගමනක්, මාලිගාවත්ත පොලිසිය අසලින් ආරම්භ කර, ටෙක්නිකල් හංදිය, කොළඹ කොටුව, හිල්ටන් වටරවුම පසු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණි අතර අනෙක් පා ගමන මහජන පුස්තකාලය, පිත්තල හංදිය, ලිබර්ටි ප්ලාසා, කොල්ලූපිටිය, ගෝල්ෆේස් වටරවුම හරහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.

එහිදී විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්‍ෂයේ ප‍්‍රධානීහු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු, විපක්‍ෂ නායක කාර්යාලයේ සිට පිත්තල හංදියට පැමිණ විරෝධතා පා ගමනට එක්වූහ. සමගි ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ මෙම දැවැන්ත විරෝධතාවය හේතුවෙන් ඒ අවට කොළඹ මාර්ග රැුසක්ම දැඩි රථවාහන තදබදයකට ලක්වී තිබෙන අයුරු දක්නට ලැබිණි.

මෙම පා ගමන සඳහා පොලිස් ආරක්‍ෂාව සපයා තිබූ අතර මෙම ආණ්ඩු විරෝධී විරෝධතාවට පොලිසියෙන් බාධා කිරීමක් නොවීම විශේෂත්වයක් විය.

සජබයට සම්බන්ධ විවිධ සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු සංවිධාන ගණනාවක් මෙන්ම ආණ්ඩු විරෝධී විශාල පිරිසක් විරෝධතාවට සහභාගි වූහ.

පා ගමනින් පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ කලබලකාරී ලෙස හැසිරීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට කැරලි මර්දන ඒකකය මෙන්ම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද කැඳවා තිබිණි.

එහෙත් විරෝධතා පාඨ කියමින් බැනර් පුළුස්සමින් විරෝධතාකරුවන් ආරක්‍ෂක අංශ සමග ගැටෙමින් ප‍්‍රකෝපකාරී ලෙස හැසිරුණු අතර එක් අවස්ථාවකදී ආරක්‍ෂක අංශ වෙත මිනී පෙට්ටියකින් ද දමාගසනු දක්නට ලැබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිටින් විරෝධතාකරුවන් එහි ඇතුළට ඒමට උත්සාහ දැරුව ද ආරක්‍ෂක අංශ විසින් එය වළකාලනු ලැබූහ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *