පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණුත් ප්‍රකාශයට

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 152 ක වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එම දිස්ත්‍රික්කවලට අදාළ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 149 යි. හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 148 බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක සදහා වන  සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ ලකුණු 146 යි. අම්පාර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයට අදාළ කඩඉම් ලකුණ 145 වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

වව්නියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණ 142 වන අතර එම දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණ ලෙස මෙවර දැක්වෙන්නේ ලකුණු 147 යි.

මේ අතර යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට අදාළ 2021 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකූණ 148 වන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *