පාන්, බනිස්, බත් පැකට්ටුවක මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ද බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කර සිටිනවා.

ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 110-130ක් අතර වන බවයි ඔහු පැවසුවේ.

මේ අතර බත් පැකට්ටුවක මිල රුපියල් 20, කොත්තුවක් රුපියල් 10කින් සහ කෙටි ආහාර (ෂෝට් ඊට්ස්) රුපියල් 5 කින් මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන් ගේ සංගමය තීරණය කරයි 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *