අද සිට ගුවන් ටිකට් පත්වල මිල ගණන් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සියලුම ගුවන් ටිකට් පත්වල මිල ගණන් සීයයට 27 කින් ඉහළ දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ අමෙරිකානු ඩොලරයේ වටිනාකම අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඊයේ දිනය දක්වා ගුවන් ටිකට් පත් වෙන් කිරීමේදී අමෙරිකානු ඩොලරය රුපියල් 203.60ක අගයකින් යුක්ත වුවත් අද දිනය වන විට රුපියල් 259.99ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *