විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට වැඩි මිලක්

විදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 38ක් ගෙවීමට තීරණය කර ඇත.

මිට අමතරව අපනයනකරුවන් දිරි ගැන්විම සඳහා ලැබෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30ක් ගෙවීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් ගෙනා යෝජනාවට ද ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එහිදී පෙර කාර්තුවට වඩා උපයනු ලබන අපනයන ආදායමට වඩා උපයනු ලබන සෑම ඩොලරයක් වෙනුවෙන් මෙම දිරි දීමනාව ගෙවීමටයි නියමිතව ඇත්තේ.