විදුලි අර්බුදය ගැන ජනපතිගෙන් සහතිකයක්

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මේ අතර ඊයේ මහජන උපයෝගිතා කොමිසමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා පැවසුවේ රටේ පවතින වැරදි මුල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් බලශක්ති අර්බුධයක් නිර්මාණය වී ඇති බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“හෙට දවසේ පැය හතහාමාරක විදුලි කප්පාදුවක් සිදුකරන්න අවසර ලබාදුන්නා. මේකට එකම හේතුව තමයි අපිට ඇති තරම් විදුලි බලාගාර තියනවා විදුලිය ජනනය කරන්න අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නෑ. මේකට විකල්පයක් නැහැ. අපි රජයට පසුගිය මාස එකහාමාරේදී ඇති වෙන්න කිව්වා මේ තත්ත්වයට අපි යයි මේකෙන් ගොඩ එන්න අවශ්‍ය සියලු පියවර ගන්න කියලා. නුමුත් ඒ ගැන කිසිම පියවරක් අරගෙන නෑ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න අවශ්‍ය පියවර ගන්න කියලා දේශපාලන පාලනාධිකාරියට වගේම වගකිවයුතු නිලධාරීන්ට බල කිරීම සඳහායි අද මේ මාධ්‍ය සාකච්ජාව තියන්නේ.  

අනිද්දා ගැන තාම දන්නේ නෑ. අනාගතය හරිම අවිනිශ්චිතයි. හෙටත් තෙල් නොලබුණොත් මේ තත්ත්තවය මීට වඩා භයානක වෙනවා ඊලඟ දවස් 02ක ඇතුලත. සතියේ දවස් ඇතුලත පැය 7-8ක් යෑමේ ප්‍රවනතාවය නැහැ කියන්න බැහැ. බිලියන් 150යි ඕන ඊළඟ මාස දෙකේ විදුලිය කපන්නේ නැතුව ඉන්න. අපි ඒ මුදල් ප්‍රමාණය හොයා ගන්න බැරි නම් මේ ක්‍රමයෙන් ගොඩ එන්න අපි ගිහින් අපේ තියෙන ණය ඔක්කොම ගෙවනවා. 

ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ.. අපිට විදුලිය නැහැ අත්‍යවශ්‍ය දේවල් නෑ.. අපි ගිහින් ලෝන් ගෙවනවා. මම අවුරුදු දෙකක් තිස්සේ අවශ්‍ය සෑම තැනටම ගිහින් මේ ගැන කිව්වා.  අපි වැරදි මුල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ.. කවුරු අකමැති වුනත් මට මේක කියන්න වෙනවා.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *