ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 17 වන විශ්වවිද්‍යාලය වව්නියාවේදී විවෘත වෙයි.

වව්නියා විශ්වවිද්‍යාලය අද නිළ වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

යාපනය විශ්වවිද්‍යාලයේ – වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් වසරේ ජූනි 08 වනදායි. විශ්වවිද්‍යාල පාලක සභාව පැවසුවේ වව්නියාව විශ්වවිද්‍යාලය මෙරට 17 වන විශ්වවිද්‍යාලය බවයි.