ශිෂ්‍යත්වය හා උසස් පෙල විභාග කල් යන ලකුණු!

මේ වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඔහු කියාසිටියේ කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් වසා දැමීම හා ගුරු වර්ජනය ඊට හේතුව බවයි.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙම අදහස් පළ කළේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට අද පිළිතුරු ලබාදෙමින්.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හිඟ විදුලි බිල්පත් ගෙවීමට වසරක සහන කාලයක් ලබාදෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. .

මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න අද ප්‍රකාශ කළේ කාබනික පොහොර ප්‍රශ්නය හේතුවෙන් වතුකරයේ නොසන්සුන් තත්ත්වයක් මතුවීමේ අවදානමක් පවතින බවයි.

තේ වලට කාබනික පොහොර නොලැබෙන බවත් එසේ සිදු කිරීමෙන් අස්වැන්න අඩු වී වතු කරයේ ජනතාවගේ රැකියා අවදානමට ලක්වන බවත් ඔහු පැවසුවා.

මේ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ රුපියල් දහසේ දෛනික දීමනාව ඇතුළු වතු කම්කරුවන්ගේ වෘත්තීය ප්‍රශ්නවලට විසදුම් ලබාගැනීම සදහා වැඩවර්ජනයකට සූදානම් වන්නැයි වතු වෘත්තීය සමිතිවලට පණිවිඩයක් යැවූ බවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *