කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට!

ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා.

මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා හැකි බවද ඔහු සඳහන් කර සිටියා.

දැනට කිරිපිටි කිලෝවක මිල රු.945කට සහ ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක මිල රු. 380ක මිලකට අලෙවි කෙරනු ලැබුවා.

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට රජය ඊයේ තීරණය කරනු ලැබුවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *