එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු ඇරඹේ!

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණී නීතීඥ දර්ශණී ලහදපුර මාධ්යවාර්තාකරු වෙත කියා සිටියේ තෝරාගත් කාල සීමාවකදී ගිය වියදම් මෙහිදී පියවා ගන්නා බවයි.

නෞකාවේ අනතුරින් සිදුවූ සම්පූර්ණ අලාභය ගණනය කරන්නේ කෙසේ ද?


ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය ගණනය කිරීමේදී දැනට සිදුව ඇති පරිසර හානිය මෙන්ම සිදුවූ එම හානිකර තත්ත්වයන් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන වියදම්ද ඇතුලත් කර ගණනය කිරීම් සිදුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්ව අනතුරට පත්වූයේ ඉකුත් මැයි මස 24 වනදා මධ්‍යම රාත්‍රියේයි.

නෞකාව හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරයේ මීටර් 01 ක් දක්වා ගැඹුරට, එනම් වැලි තට්ටු 07 ක් යටට කිදාබැස තිබෙන කුඩා ප්ලාස්ටික් කැබලි මේ වන විට ඉවත් කරමින් සිටිනවා. මෙම අනතුර හේතුවෙන් මන්නාරම සිට දෙවුන්දර දක්වා වෙරළ තීරය තවමත් දිනපතා පිරිසිදු කිරීමට සිදුව තිබීම කැපී පෙනෙනෙ තත්ත්වයක්.

මෙම පිරිසිදු කිරීම් අවම වශයෙන් තවත් වසරක් හෝ සිදුකළ යුතුව ඇති බවටයි මාධ්යවාර්තාකරු කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ. වෙරළ තීරය පිරිසිදු කිරීමට ශ්‍රමිකයින් 400 කට ආසන්න පිරිසක් දැනට යොදවා තිබෙන අතර දිනපතා නොකඩවා සිය කටයුතු සිදුකරන ඔවුන් මේ වන විට මිනිස් පැය 33,000 ක් වෙරළ පිරිසිදු කිරීම සඳහා වැය කර තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *