බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23 දක්වා වසා දැමේ!

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාර ස්ථාන සහ ආයතන වසා දමා තිබෙනවා.

බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පැවසුවේ ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන 23 වනදා තෙක් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බැවින් එම තීරණය ගත් බව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය නිවේදනය කළා.