ඔක්තොම්බර් මාසයේ අවුරුදු 18 ත් 30 ත් පුද්ගලයින්ට කොවිඩ් එන්නත!

අවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

මේ වනවිට මෙරට පුද්ගලයින් එක් කෝටි දහඅට ලක්‍ෂ 79,000 කට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. ඉන් දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව හතලිස් හය ලක්‍ෂ 16,266 ක්. වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සියලු දෙනාට සැප්තැම්බර් මස අග වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 3,466 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අතරින් 654 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ 398 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ. ආසාදිතයින් 298 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 318 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ආසාදිතයින් 43,454 දෙනෙකු මේ වන විට රෝහල්ගතව හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *