දළදා මංගල්‍යයේ කුඹල් පෙරහැර අද!

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (13) දින වීථි සංචාරය කිරීමට නියමිතය.

අද රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර සංචාරය කිරීමට නියමිත බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතා සඳහන් කළේය.

පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ.

පෙරහර මංගල්‍යය අද දිනයේ සිට එළඹෙන 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.