කොරෝනා මෘත දේහ සඳහා නව භූමි ප්‍රදේශයක්!

කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමි ප්‍රදේශයක් තෝරා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාල භූමි ප්‍රදේශය කොරෝනා මෘත දේහ භූමදානයට සුදුසු ස්ථානයක් ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්යසාධක බලකායට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා මෘතදේහ භූමදානය සඳහා දැනට යොදාගනු ලබන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමි ප්‍රාදේශයක්.

එහි ඉඩ අවසන් වීමෙන් පසු අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ තෝරාගත් භූමි ප්‍රදේශයේ කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *