මාසයකට දෙවතාවක් කොවිඩ් වෛරසය විකෘති වීමෙන් නව ප්‍රභේද ඇතිවීමේ හැකියාවක්!

කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කර ගැනීම හේතුවෙන් මෙය සමාජගතව පැවතීමත් සමග එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු කියාසිටියේ පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සිදුකළ ද මුඛ ආවරණ පැළදීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි.
කොරෝනා මර්දන එන්නත ලබාගැනීමේ වැදගත්කම පිළිබදවද ඔහු මාධ්‍යවාර්තාකරුවන්ට කරුණු පැහැදිලි කළා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *