මහනුවර ඇසළ පෙරහැර සුබ මොහොතින් අරඹයි!

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලවල කප් සිටුවීම අද අළුයම සුබ මොහොතින් සිදු කෙරුණා.

ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පළමුවෙන් ඉටුකළ එම චාරිත්‍රායෙන් අනතුරුව අද සිට නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ලබන 13 වනදා විථි සංචාරය කෙරෙන අතර එය ලබන 17 වනවදා දක්වා පැවැත්වෙනවා.

රන්දෝලි පෙරහැර ලබන 18 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝලි මහා පෙරහැර ලබන 22 වනදා පැවැත්වෙන බවයි දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසුවේ. ලබන 23 වනදා දිය කැපීමෙන් අනතුරුව මෙවර මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල මහා මංගල්‍යය අවසන් වනවා.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට ජනතාවට අවස්ථාව ලබාදෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බවයි දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසුවේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *