අන්තවාදී මත පැතිරවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!!

අන්තවාදී මත පැතිරවූ හා අන්තවාදය සදහා මුදල් එකතු කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මාතලේ සහ කාත්තන්කුඩි ප්‍රදේශවලදීයි. කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීන්ගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත රැගෙන ඒමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.