කෘඩියා ශාඛය ගැන ඇමති ප්‍රසන්නගේ ප්‍රකාශයට පරිසර සංවිධානවලින් විරෝධයක්!!

දැඩි කතාබහක් ඇති කළ කෘඩියා සෙලනිකා ශාක රට තුළ තවත් තිබීමට හැකි වුවත් ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති කෘඩියා සෙලනිකා ශාකය ලෝකයටම අතිශය වැදගත් බව පරිසර සංවිධාන පවසනවා. ඒ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙම ශාකය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

ඉකුත් සති අන්තයේදී අමාත්‍යවරයා කියා සිටියේ කෘඩියා සෙලනිකා එක් ශාකයක් පමණක් මෙරට ඇති බවට නිලධාරීන් ප්‍රකාශ කිරීම රටේ සංවර්ධනයට සිදුවූ බාධාවක් බවයි. කෘඩියා සෙලනිකා ශාක ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින්ම හමුවන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් කියා සිටියේ කෘඩියා සෙලනිකා ශාකයේ පැරණිතම සහ විශාලතම ශාකය ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති බවයි

ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති කෘඩියා සෙලනිකා ශාකය රැක ගැනීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කෙරුණා.

ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති කෘඩියා සෙලනිකා ශාකය ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් වෙනස් කිරීම මීට ඇති හොදම විසදුම බවද සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් කියා සිටියා.

පනුකරද හෙවත් කෘඩියා සෙලෙනිකා ශාකයත් ගම්පහ උද්භිත උද්‍යානයේ සහ පේරාදෙණිය උද්‍යානය ඇති බවට මේවනවිටත් විවිධ ප්‍රචාර පැතිර යනවා. 2012 වසරේදී වඳ වී ගිය ශාකයක් බවට නම් කරමින් මෙම ශාකය රතු දත්ත පොතට ද ඇතුළත් කර තිබෙනවා. ලෝකයෙන් වද වී ගිය බවට සැලකුණු පනුකරද හෙවත් කෘඩියා සෙලෙනිකා ශාකය යලි හමුවන්නේ ගම්පහ දාරළුව ප්‍රදේශයෙන්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *