සීනී බදු වැඩි කරනවාට කැමතිද? ආණ්ඩුවෙන් ප්‍රශ්ණයක්!!

සීනි කිලෝ ග්‍රෑම් 01 සඳහා රුපියල් 50ක තීරු බද්දක් දැන් පනවනවාට කැමතිදැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විපක්ෂයෙන් ප්‍රශ්ණ කරනවා. ඔහු ප්‍රකාශ කළේ සීනි සඳහා තීරු බදු අඩු කිරීමෙන් ජනතාවට කිසිදු බල පෑමක් සිදු නොවූ බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ශේප කරන බවයි.

රුපියල් 50ක්ව තිබූ සීනි සඳහා වූ තීරු බද්ද ශත විසි පහ දක්වා අඩු කළද එහි ප්‍රතිලාභ ජනතාවට නොලැබුණු බවට විපක්ෂය චෝදනා කරනවා. එය සාධාරණ තරකයක් නම් රජය දැන් රුපියල් 50ක බද්දක් නැවත පැණවුවහොත් මිල එකම මට්ටමක පවතින්නේදැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විපක්ෂයෙන් ප්‍රශ්ණ කරනවා. ඔහු කියා සිටියේ විපක්ෂය සීනි බදු සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අසත්‍ය බවයි.

කෙසේවෙතත් ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාව මගින් රජයට රුපියල් බිලියන 15 යි දශම 9 ක මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ පැමිණිල්ලක් ගොනු කලා. ඔවුන් පවසන්නේ සීනි බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක අලාභයක් සිදු වූ බවටයි.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල ඊයේ පැවසුවේ සීනි බදු අඩු නොකලා නම් මේ වන විට වෙළදපොළේ සීනි කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 175ක් දක්වා වැඩි වීමට ඉඩ තිබූ බවයි.

මෙරට වාර්ෂික සීනි පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් හය ලක්ෂ 50,000ක් පමණ වනවා. ඉන් සියයට 15ක් පමණක් දේශීයව නිෂ්පාදනය කරන අතර ඉතිරි සියයට 85 ආනයනය කරනවා. මේ වන විට වෙළදපොළේ සුදු සීනි කිලෝ ග්‍රෑම් 01ක මිල 120ත් 130ත් අතර මිලක පවතිනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *