රාවණා ඇල්ල රක්ෂිතයේ විශාල ගින්නක්!

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඊයේ රාත්‍රි පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇති බවයි මාධ්‍යවාර්තාකරුවන් පැවසුවේ.

අධික බෑවුම් සහ ගල්පර්වත විශාල ප්‍රමාණයක් ඇති මෙම රක්ෂිතයේ ගින්න පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු කටයුත්තක් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයස දහන් කර සිටිනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර සදහන් කලේ මේ වන විට ගින්න මැඩපැවැත්වීම සදහා යුද හමුදාව,පොලිසිය,වනජීවි නිලධාරීන්, වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් යොදවා ඇති බවයි.

ගින්න අද (6) උදෑසන වන විටත් රක්ෂිතයේ වේගයෙන් පැතිර යමින් පවතින අතර මෙම රක්ෂිතය ශ්‍රී ලංකාවට ආවේණික වනසතුන්,පක්ෂීන් සහ සමනලුන් රැසක්ම ජීවිත් වන සංවේදී පරිසර පද්දතියක් වනවා.

ගින්න පාලනය කර ගැනීම සඳහා අද දිනයේ ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවයි බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල ද සිල්වා ප්‍රකාශ කර සිටියේ.