රාත්‍රී සමාජ ශාලාවකදී බීමත් වූ අයෙකු වැල්ලවත්තේදී සිව්දෙනෙකු යට කර යයි!

කොළඹ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අද අලුයම බීමත් රියදුරෙකු විසින් සිදුකර රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන 5.45ට පමණ අනතුරු සිදුව තිබු බවයි පොලිසිය පැවසුවේ.

රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණ ඇති අදාළ පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුව අනතුරට ලක්කර මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙක් අනතුරට ලක්කර තිබෙනවා. අනතුරට ලක්වූ එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

වැල්ලවත්ත පොලිසිය ක්ෂණිකව සිදුකරන ලද මෙහෙයුමකදී එම අනතුරු සිදුකළ බීමත් පුද්ගලයා සහ මෝටර් රථය හා එම රථයේ ගමන් කළ තවත් බීමත් පුද්ගලයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *