කැලෑ කපන බවට ආරක්ෂක ලේකම්වරයා චෝදනා කළ ත්‍රිකුණාමලයේ හිමිනම මාධ්‍ය වාර්තාකරු වෙත කථා කරයි!

වන විනාශයන් මෙම කාලවකවානුවේදී ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය නිලධාරීන්ට ද දෝෂාරෝපණයක් එල්ල කළා. ත්‍රිකුණාමලයේ හිමිනමක් ද එම ප්‍රදේශයේ සිදුවන වන විනාශයන්ට සම්බන්ධ බවටයි ආරක්ෂක ලේකම්වරයා එහිදී අනාවරණ කළේ

ත්‍රිකුණාමලයේ මෙලෙස වන විනාශයන් සිදුකරන බවට ආරක්ෂක ලේකම්වරයා චෝදනා එල්ල කළ හිමිනම කවුරුන්දැයි මාධ්‍යවාර්තාකරු සොයා බැලීමක් සිදුකළා. ඒ අනුව අදාළ චෝදනාව එල්ල වූයේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමියන්ට බවයි මාධ්‍යවාර්තාකරු වෙත වාර්තා වුණේ.

තමන්ට එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කළ බවද උන්වහන්සේ සදහන් කළා.