චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්!

මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මෙම මස අගදී සිදු කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මාධ්‍යවාර්තාකරු කළ විමසීමකදී කියා සිටියේ.

ආනයන වියදම් හෝ වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවකදී අදාළ මුදල ලබාගත හැකි බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.