නැගෙනහිර ජැටිය ගැන යළි සලකා බලන්නැයි ඉන්දියාවෙන් කළ ඉල්ලීමක් අගමැති ප්‍රතික්ෂේප කරයි!

නැගෙනහිර ජැටිය සංවර්ධනය සම්බන්ධයෙන් යලි සිතා බලා නම්‍යශීලීව කටයුතු කරන ලෙස ඉන්දියාව කල ඉල්ලීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

මේ අතර, අරලිය ගහ මන්දිරයේ පැවති ගම සමග පිලිසදරක් කමිටු පිහිටුවීමේ රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර බඩු මිල සම්බන්ධයෙන් සංවාදයක් ඇති වී තිබෙනවා. බඩු මිල වැඩි බවට ජනතාව මැසිවිලි නගන බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර ඇති අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී පවසා ඇත්තේ මිල පාලනයට පියවර ගෙන ඇති බවයි.

එම අවස්ථාවේ එහි සිටි මැති – ඇමතිවරුන් කිහිපදෙනෙකු විමසා ඇත්තේ, රුපියල් 2,500කින් ජීවත් වන ආකාරය පැහැදිලි කරන ලෙසයි. ඊට සිනහවකින් ප්‍රතිචාර දක්වා ඇති අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ ලගදීම අත්‍යාවශ්‍ය භාණ්ඩ 18ක මිල අඩු කරන බවයි.