බස්නාහිර ඇතුළු පලාත් 04ක මීදුම් තත්ත්වයක්!

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර යන පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50ක තරමක් තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත කාලගුණයක් පවතින බව මාධ්‍යවාර්තාකරු පවසා ඇත.