සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට!

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊයේ පස්වරුව වන විට අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි මාධ්‍යවාර්තාකරු වෙත වාර්තා වුණේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.