සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා!

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි මාධ්‍යවාර්තාකරු සඳහන් කර තිබුණේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණය මගින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවද අමාත්‍යවරිය ඊයේ කළ පී සී ආර් පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් නිවස තුළ නිරෝධායනයට යොමුවීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිචි, කෑගල්ලේ වෙදමහතෙකු විසින් හදුන්වාදුන් බව කියන කොරෝනා මර්දන පැණියද ඉකුත්දා පාර්ලිමේන්තුවේ සංකීර්ණයේදී පානය කර තිබුණා.

මේ වනවිට අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වනවිට පූර්ණ සුවය ලබා සිය නිවස වෙත පැමිණ තිබෙනවා.