ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගියෙකු පලා යයි!

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේදී ඉන් පලා ගොස් තිබෙනවා.

43 හැවිරිදි ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“මේ පුද්ගලයා 2021.01.13 වන දින PCR පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. එම PCR පරීක්ෂණයෙන් පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2021.01.17 වන දින ඔහු වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබෙනවා.

ඉන් පසුව ඊයේ රාත්‍රියේ 7.30ට පමණ මේ පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බව වාර්තා වෙනවා. ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක්. ඔහුගේ ස්ථීර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ බවට වාර්තා වෙනවා. මොහු 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමති අයෙකි. මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වෙනවා. “

දෙවෙනි කොවිඩ් රැල්ල ආරමභ වීමත් සමඟම මේ වන ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු වරින් වර පලා ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් තිබේ නම් පහත අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 071 859 11 38
හදිසි ඇමතුම් – 119