රහසක් වූ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සූත‍්‍රය ගැන අනාවරණයක්!

ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල් සඳහා නියම කරන කඩඉම් ලකුණු තීරණය කෙරෙන්නේ පාසැල් මට්ටමේ ක‍්‍රමවේදයකට අනුව බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසැල්වල 06 ශ්‍රේණියේ පන්තිවල ශිෂ්‍ය ධාරිතාව මත මෙම කඩඉම් ලකුණු තීරණය වන බවයි.

බොහෝ ජනපි‍්‍රය පාසැල්වල කඩඉම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරුවන් සඳහා එම පාසැලේ ඇති පන්තිවල ශිෂ්‍ය ධාරිතාව සීමාසහිත වීම හේතුවෙන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා. ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ආශ‍්‍රිතව ගැටලූකාරී තත්ත්වයක් සැමවිටම මතුවන්නේ දිවයින පුරා ඇති ජාතික පාසැල් 373 කේන්ද්‍ර කර ගනිිමින් බව ද ලේකම්වරයා කියා සිටියා.

කෙසේවෙතත්, ගුරු වෘත්තීය සමිති පවසන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූවන් ජනපී‍්‍රය පාසැල්වලට ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු මෙවර විශාල ලෙස ඉහළ යාමට හේතුවී ඇත්තේ වරින්වර ජනපී‍්‍රය පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම හේතුවෙන් බවයි.

කෙසේවෙතත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ දේශපාලන බලපෑම් මත අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තීන්දු තීරණ නොගන්නා බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයෙකුව සිටි වත්මන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද ඊයේ ප‍්‍රකාශ කළේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙතරම් ඉහළ යන්නේ කුමන හේතුවකින්දැයි තමන්ටද සිතා ගත නොහැකි බවයි. කඩඉම් ලකුණු ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ද අවධානය යොමුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *