වැලිසර ලය රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙකු පළා යයි!

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් 43 හැවිරිදි වියේ පසුවන රෝගියෙකු රෝහලෙන් පළා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මෙම රෝගියා රෝහලට ඇතුලත් වීමේදී ලබාදී ඇති ලිපිනයද ව්‍යාජ එකක් බවද පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන ඇත. මොහු ලබාදී ඇත්තේ මරදාන ප්‍රදේශයේ ලිපිනයක් වුවද ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව කරුණු අනාවරණය කර ගෙන ඇත.

මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවත් මේ වන විට මහබාගේ පොලිසිය විසින් සෙසු පොලිස් ස්ථාන සමග සම්බන්ධිකරණ කරමින් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *